අඛණ්ඩව ජලය සැපයීම අර්බුධයක, ජල බිල්පත් හැකි ඉක්මනින් ගෙවන්න

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ජල පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කරයි. ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් පවසන්නේ දැනට ජල පහසුකම් නොමැති පිරිස් සඳහා එම පහසුකම ලබා දිමට මේ හරහා හැකියාව පවතින බවයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා වැඩිදුරටත් පවසන්නේ මේ වන විට රුපියල් බිලියන 3.4ක් දක්වා වූ අති විශාල හිඟ මුදලක් ජල පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලයට ලැබීය යුතුව ඇති බවත්, ජල බිල්පත් මගින් මාසිකව රුපියල් බිලියන 2.2ක පමණ ආදායමක් මණ්ඩලයට හිමි වන නමුත් පසුගිය මාස තුනේදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 1.2 ක් පමණක් බවත්ය.

මෙම තත්ත්වය යටතේ මණ්ඩලය පවත්වාගෙන යෑම සහ අඛණ්ඩව ජල සැපයුම පවත්වාගෙන යෑම අර්බුදයට ලක්වෙමින් තිබෙන බවත්, ජල පාරිභෝගිකයන්ට සිය ජල බිල්පත් ගෙවීම සඳහා සහන රැසක් ලබා දී ඇති පසුබිමක හැකි විගස එම සහන ලබා ගනිමින් බිල්පත් ගෙවා ජල සැපයුම අඛණ්ඩව ලබා දීමේ මහඟු‍ ජාතික මෙහෙවරට දායක වන මෙන් නිශාන්ත රණතුංග මහතා ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *