ෆේස්බුක් සාදයක් වටලයි, නීති විරෝධී මත්ද්‍රව්‍ය සමගින් 20ක් අත්අඩංගුවට

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එයට සහභාගී වී සිටි තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය සමත්වී තිබේ.

ඊයේ (09) සවස 4.30ට පමණ බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබේ. එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 465ක්, ගංජා ග්‍රෑම් 13ක් සහ මත්පෙති 5ක් පොලිස් බාරයට ගැණුනු අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිල්ලනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම සාදයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. එම පිරිස අතර 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *