වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් වර්ගයේ මත්ද්‍රවය ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය සමත්වී ඇත.
ඒ, මහනුවර යටවීදිය ප්‍රදේශයේදී ඊයේ සවස සිදුකළ මෙහෙයුමකදීය.
ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩුවෙල ප්‍රදේශයේ දී සිදු කරන ලද තවත් මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 203 සමඟ සැකකරුවෙක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,මේ අනුව ඊයේ දිනය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්වලදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 630 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගැනුණු හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගය වෙළෙඳපොළේ අලෙවි වූයේ නම් එහි වටිනාකම රුපියල් ලක්ෂ 63කට ආසන්න බවද සඳහන් කළේය.