හෙට ඇදිරිනීතිය ඉවත් කළත් බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා තබයි

ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇත.

අද (29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා මෙම තීරණය ගත් බව වාර්තා වේ.

බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ කරමින් සිටි අයෙකු කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් පසු දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණයට එළැඹුණු බව නගරාධිපතිවරයා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *