හැඳුනුම්පත නොලැබුණු සා/පෙළ සිසුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරු දැරියන්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන හැඳුනුම්පත හෝ එහි තොරතුරු ඇතුළත් කර නිකුත් කර ඇති ලිපිය ලැබී නොමැති නම් අදාළ පාසල අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විමසීම් කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ට හැඳුනුම්පත් ලබාදීමට විදුහල් මාර්ගයෙන් දෙපාර්තමේන්තුව අයැදුම්පත් ගෙන්වාගෙන ඒවා සකස් කළද කොරෝනා තත්ත්වය නිසා පාසල් නිවාඩු ලබාදී තිබීම නිසා පාසල අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ උප කාර්යාලයට එම හැඳුනුම්පත් සහ එහි තොරතුරු ඇතුළත් ලිපි ලබාදී තිබෙන බවද ගුණතිලක මහතා පවසා සිටියේය.

එමෙන්ම හැඳුනුම්පත වෙනුවට නිකුත් කර තිබෙන ලිපියේද සිසුන්ට නිකුත් කරන හැඳුනුම්පතේම තොරතුරු ඇතුළත් කර තිබීම නිසා එය විභාගය සඳහා වලංගු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *