ත‍්‍රීකුණාමලේ තෙල් ටැංකි යළි ශී‍්‍ර ලංකාවට ගැනීමේ සාකච්ඡා සාර්ථකයි – ගම්මන්පිල

මේ වන විට ඉන්දියන් ඔයිල් සමාගම (IOC) වෙත බදු දී තිබෙන ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය යළි ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පලවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළොන්නාව ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමිනි.

2003 වසරේදී ඉන්දියන් ඔයිල් සමාගමට බදු දුන් මෙම තෙල් ටැංකි සංකීර්ණයට අදාළව 2017 වසරේදී නැවතත් ගිවිසුමක් අත්සන් කර තිබේ. 2017 වසරේ අත්සන් කළ ගිවිසුමේ තිබෙන කොන්දේසි අමතක කර තෙල් ටැංකි සංකීර්ණය නැවත ශ‍්‍රී ලංකාවට ලබාදීමට මහ කොමසාරිස්වරයා එකඟ වී ඇති බවයි ගම්මන්පිල මහතා පවසන්නේ.

ඒ ඉදිරි කාල සීමාව ඇතුළත තෙල් ටැංකි සංකීර්ණයේ පූර්ණ අයිති ශ‍්‍රී ලංකාවට හිමිවන බවත්, ඉන් අනතුරුව එම ටැංකි භාවිත කරමින් ත‍්‍රිකුණාමලය ආසන්න මුහුදේ ගමන් කරන නෞකාවලට පවා ඉන්ධන සැපයීම සිදු කිරිමට හැකි වන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *