හැන්ටා නම් වෛරසයකින් චීනයේ පුද්ගලයෙක් මරුට, තවත් 32ක් පරීක්ෂාවට

භයානක කොරොන වෛරස් වසංගතයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ලෝකය උත්සාහ කරන මේ අවස්ථාවේ “හැන්ටා” නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මීයගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ෂැන්ඩොන් පළාතට බස්රථයකින් ගමන් කරමින් සිටි යුනාන් පළාතේ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32ක් පරීක්ෂණ සදහා යොමු කර තිබේ. රෝග පාලන මධ්‍යස්ථානය පවසන්නේ මෙම හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිරෙන බවත්, මෙය නව වෛරසයක් නොවන අතර දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ට ආසාදනය වී ඇති බවටත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *