හයිබ්‍රිඩ් සුද්දා සමග මත්කුඩු ජාවාරමේ නිරත වූ බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින දෙමටගොඩ හයිබ්‍රිඩ් සුද්දා සමඟ මත්කඩු ජාවාරමේ යෙදුණු කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ නියාමකවරයකු මත්කුඩු ග්‍රෑම් 94, මිලිග්‍රෑම් 293ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දෙමටගොඩ සහස්පුර නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි සැකකරුගේ නිවෙසේ දීයී.

මෙම සැකකරු මතට ඇබ්බැහි වී සිටින බන්ධනාගාර රැදවියන්ට මත්කුඩු රැගෙන ගොස් විකිණීමේ ජාවාරමක යෙදී සිටි බවට හෙළිවී ඇති අතර මොහු දෙමටගොඩ හයිබ්‍රිඩ් සුද්දා සමඟ එක්ව මෙම ජාවාරම සිදු කළ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පසුගියදා ගණේමුල්ල ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි හයිබ්‍රිට් සුද්දාගේ අනියම් බිරිය හෙරොයින් සමඟ පසුගිය දා අත්අඩංගුවට ගැණුනු අතර එම සැකකාරියගෙන් ලද තොරතුරු ඔස්සේ සිදු කළ විමර්ශන අනුව සැකකාර බන්ධනාගාර නියාමකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *