සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි, මහජන එක්රැස්වීම්, අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑම් වලින් වලකින්න

දැනට රට තුල උද්ගතවී ඇති සෞඛ්‍යමය තත්ත්වය පදනම් කරගෙන මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම මහජනයාගේ වගකීමක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළදිය යුතු බවත් අත් සේදීම සහ මුහුණු ස්පර්ශ කිරිමෙන් වැළකී සිටිය යුතු බවයි. එමෙන්ම ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම වැළැක්වීමට සෑමවිටම නිවැරදි ශ්වසන ආචාර විධි අනුගමනය කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

විශේෂයෙන්ම වැඩිහිටියන් ආරක්ෂා කළ යුතු බවත් අත්‍යාවශ්‍ය කාරණාවක් හැරුණුකොට නිවසින් පිටතට පැමිණීමෙන් වැලකි සිටිය යුතු බවත්, එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කරන ලෙසටත් ඒ මහතා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *