බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතර පැතිර යන සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. මෙම පිරිස ඊයේ (01) දිනයේ අනුරාධපුරයට පැමිණ ගොවීන් මුණ ගැසී අර්බුදය විසඳන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එම රටේ බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වන ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා මහතා සමඟ එරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් වන ඇලෙක්සිස් රුසාගාරා සහ ජේන් මාරී වියානී උසුමුගුරා මහතුන් ඇතුළු හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පිරිසට අයත්ය.