කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වෙයි

කොවිඩ් 19 වෛරස් පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත 2021 වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට ලබා දීමට කටයුතු කරන බවට එම සංවිධානය විසින් සහතික කළ බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන බවත්, එය හඳුනා ගත් පිරිසක් වෙනුවෙන් දීමට නියමිත බවත් ඒ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට ජනගහනයෙන් සෑම මිලියනයකින් පුද්ගලයන් 1,786ක් කොවිඩ් – 19 වයිරසයට ගොදුරු වී ඇති බැවින් උදා වූ නව වසරේ කොරෝනා ආසාදිතයන් අවම කර ගැනීම සඳහා නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සියලු ජනතාව සිතට ගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *