සෙවනගල දැරිය අපයෝජනය කළ පොදුජන පෙරමුණු මන්ත්‍රි පක්ෂයෙන් ඉවත් කෙරේ

Share this Article

සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් අපයෝජනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර පක්ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අදාල ලිපිය මේ වනවිට යොමු කර ඇති බව සඳහන්. ඊට අදාළ නීතිමය කටයුතුද සිදු කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් අවශ්‍ය විධි විධාන සලස්වා තිබෙන බවත් වාර්තා වේ.

පොලිසිය මඟ හරිමින් සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක රණවීර ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෙවනගල පොලීසිය කටයුතු කර තිබුණා. ඒ අනුව ඔවුන් ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා


Share this Article

Leave a Reply

Your email address will not be published.