සුළු වැරදි කොට සිරගතවූවන්ට සහන

Share this Article

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.


Share this Article

Leave a Reply

Your email address will not be published.