කොරෝනා වසංගතය හේතුවෙන් මිය යන අයගේ සියලුම දේහයන් ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.
උන්වහසේලා රජයට බලකර සිටින්නේ ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙන ලෙසත්, සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙසත්ය.
එම උද්ඝෝෂණයට එක්වූ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පෙත්සම් ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක කොරෝනා දේහ ආදාහනය කිරීමට එරෙහිව විරෝධය පෑම වැරදි ක්‍රියාවක් වන බවයි.