දකුණු පලාතේ කොවිඩ් ආසාධිතයින් ගණන ඉහළට

දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බව දකුණුපළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසා සිටියි. ඔහු පවසන්නේ ඊයේ දිනයේත් දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු වාර්තාවූ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 490 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 309 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 75 දෙනෙකු වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් 419 දෙනකු පූර්ණ සුවය ලබා ඇති බවත්, දකුණු පළාත තුල පවුල් 2317කට අයත් පුද්ගලයින් 4678 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවත් චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *