සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කරන්න පාස්කු කොමිසමේ වාර්තාවක් දෙන්න – නීතිපති කියයි

පාස්කු ඉරු දින ප්‍රහාරය හා සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීමට පාස්කු කොමිසමේ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ (12) ඉල්ලීමක් කර තිබේ.

මේ පිළිඹදව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පවසා සිටින්නේ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එම කොමිසමේ වාර්තාව නීතිපතිවරයා ඉල්ලා සිටි බවයි.

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඉකුත් 01 වැනිදා කොමිසමේ සාමාජිකයන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *