මෙරට සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ලබන මාර්තු මස ආර්ම්භයේ සිට සිදු කළ හැකි බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියි. ඊයේ (05) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහත්මයි මේ බව කියා සිටියාය.
අමාත්‍යවරිය සඳහන් කරන්නේ එන්නත් වලින් කිසිදු ප්‍රධාන අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වී නැති බවත්, උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ සමාන්‍ය දෙයක් බවත්ය. එමෙන්ම එන්නත ලබාදීමෙන් අනතුරුව වාර්තාවන ආසාදිතයන් ගණන සීඝ්‍රයෙන් අඩුවිය හැකි බවත්, ඒ අනුව PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව ද අඩුකළ හැකියි අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ.
එහිදී අමාත්‍යවිරිය වැඩි දුරටත් අනාවරණය කර සිටියේ “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් කොවිඩ්–19 වෛරසය පැතිරීමේ හැකියාව 67%කින් පමණ අඩුවන බවට වාර්තා වන බවයි.