ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (08) දිනයේද පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පෞද්ගලික බස් හිමියන් සහ මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍යංශය අතරයි.
අද දිනයේ පැවැත්වෙන් මෙම සාකච්ඡා යම් හෙයකින් අසාර්ථක වුවහොත් අද රාත්‍රීයේ සිටම වර්ජනයේ නිරත වීමට ක්‍රියාකරන බවටයි පෞද්ගලික බස් සංගම් පවසා සිටින්නේ.
බස් රථවල ලීසිං පොළිය අඩු කිරීම, ලොග් ෂීට් සම්බන්ධ ගැටලු ඇතුලුව ඉල්ලීම් කිහිපයක් මෙම වර්ජනයට හේතුව ලෙස මීට පෙර ප්‍රකාශ කෙරුණා. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටින්නේ පෞද්ගලික බස්රථ හිමියන්ට ලබා දිය යුතු ඉහලම සහන ලබා දීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.