ස්වයං නිරෝධායනයට ලක්වුවන්ට සහතිකයක්

පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි විදෙස් ගතවි සිට නැවත මෙරටට පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය කටයුතු වල නිරත වු පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙසේ ලබා ‍‍දෙනු ලබන සහතිකය එම පිරිස නැවත විදේශ ගත විමකදි අතවශ්‍ය සහතිකයක් බවත් එතුමිය අවධාරණය කරයි.

ඇය පවසා සිටින්නේ ඉතාලිය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණි 1,346 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවයි. එම පිරිසෙන් පන්සීයකට අධික පිරිසක් මේ වන විට දින 14 ක ස්වයං නිරෝධායන කටයුතු වල යෙදි අවසන් කර ඇති බවත් මෙයින් ඉන් බහුතරයක් මාරවිල , මහවැව, වෙන්නප්පුව , දංකොටුව , ආදි ප්‍රදේශ වල පදිංචිකරුවන් වන බවයි.

එමෙන්ම මෙම කටයුතු සාර්ථක කරගැනීමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ,මහජන සෞඛ්‍ය අංශ , සේම අනිකුත් සෞඛ්‍ය අංශ මේ සදහා මහත් ‍කැපවිමේන් රාජකාරි වල නිරත වි සිටින බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *