පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම 2019 අප්‍රේල් 16 වැනි දින තාලන්කුඩ ප්‍රදේශයේදී අත්හදා බැලීමේ පිපිරීමක් සිදු කළ බවට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර තිබූ බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් අසන ලද වාචික ප්‍රශ්නයකට සභාවේදී පිළිතුරු දුන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඒ බව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දුන් බවයි.
මෙම තොරතුරු එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලබාදී ඇත.
ජයසුන්දර සහ සෙනෙවිරතන යන දෙදෙනාටම සහරාන් පදිංචිව සිටින ප්‍රදේශය සහ ඔවුන්ගේ ජාලය පිළිබඳවද දන්වා තිබුණි.
2023 අප්‍රේල් 20 වැනි දින සභානායකවරයා ලබාදුන් පිළිතුරට අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිපතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව අනාවරණය විය. .