ඉකුත් 2019 වර්ෂයේ එල්ල කළ පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව මෙහෙයවූ බවට සැලකෙන සහරාම් හෂීම්ගේ ළඟම හිතවතකු ලෙස සැලකෙන කලිබ් ලූක්මාන් කලිබ් නමැත්තා මෙරටට පිටුවහල් කරන ලෙස ශ‍්‍රී ලංකා රජය කටාර් රජයෙන් ඉල්ලා ඇත.
සයින්දමරුදු නිවසක සිදු වූ පිපිරීමකින් අනතුරුව, බිම වැටී තිබූ ඔස්ටේ‍්‍රලියානු සිම්කාඩ් පතකින් මොහු ගැන තොරතුරු හෙළිකරගෙන තිබේ.
කලිබ් ලූක්මාන් නැමැත්තා කටාර් ඉන්ටර්පෝල් ශාඛාව විසින් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබෙන අතර, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (19) දිනයේ පැවසූයේ ලූක්ටාන්ගේ පාස්කු ප‍්‍රහාර සබඳතා කටාර් රජයට ඉදිරිපත් කළ බවයි.