සමගි ජන බලවේගය අද (15) සිය පළමු සංවත්සරය සමරයි. ඊට අදාළ උත්සවය අද පස්වරු 2.30ට කොළඹ හයිඩ් පිටියේදී සැමරීමට පියවර ගෙන තිබේ.
මෙම සංවත්සරය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන් අතර “එකට සිට ගනිමු” යන තේමාව යටතේ සංවිධානය කෙරේ. මෙම සංවත්සරය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය රෙගුලාසි අනුව සිදුකිරීමටද එම පක්ෂය තීරණය කර ඇත.
එමෙන්ම මේ සදහා ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ඇති අතර පැය දෙකහමාරක් ඇතුළතදී පවත්වා අවසන් කිරීමටද පියවර ගෙන තිබේ.