සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු රනිල්ට කොන්දේසි සහිත සහය දෙන්න සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමේ කොන්දේසිය මත ඔහුට සහය දිය යුතු බව සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් කොන්දේසි සහිත සහය යෝජනා කර ඇති බව දැන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ, එම පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී මැතිවරණයෙන් පසු ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කරන්නේ නම් මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී සහය දීමට තමන් ඇතුළු පිරිස කැමැත්තෙන් සිටින බව පවසා ඇති බවයි.

“මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කරන බව පැහැදිලිව පෙනෙන බැවින් නව ගිවිසුමක් අවශ්‍ය නැත,” ඔහු පැවසීය.

මේ අතර ප්‍රේමදාස මහතා වික්‍රමසිංහ මහතා සමඟ සංසන්දනය කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මියගෙන් මාධ්‍යවේදියකු කළ විමසුමකදී නායකයන් දෙදෙනාම තමාගේ ඇස් දෙක වැනි යැයි පැවසූ බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දෙකඩ වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *