සඳුදා සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙයි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සඳුදා (15) සිට සතියේ දින පහේම පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සමඟ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි ඔවුන් පැවසුවේ.

ප්‍රවාහන දුෂ්කරතා පවතින ප්‍රදේශවල ගුරුවරුන්, සිසුන් සහ විදුහල්පතිවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් සහතික කරන ලෙස පළාත් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉදිරි මාස තුන තුළ අධ්‍යයන කටයුතු පමණක් සිදු කරන ලෙසත් පාසලෙන් පසු චක්‍රලේඛයෙන් පරිබාහිර කටයුතු සිදු කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *