ඉදිරි ඉන්ධන නැව්ගත කිරීම සම්බන්ධව ඇමති තොරතුරු සපයයි.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් දිවයිනට පැමිණීමට අපේක්ෂිත ඉන්ධන තොග පිළිබඳ යාවත්කාලීනයක් ලබා දී තිබේ.

දිවයිනට පැමිණීමට නියමිත බොරතෙල් නැව්ගත කිරීම් පිළිබඳ යාවත්කාලීනයක් ලබා දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද (12) රාත්‍රියේ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක තොගයක් පැමිණ ගුණාත්මක සාම්පල ලබා ගැනීම හෙට සිදු කරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙට්‍රික් ටොන් 120,000 ක 2 වන බොරතෙල් භාණ්ඩ තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බවයි.

ට්විටර් පණිවුඩයක් මගින් අමාත්‍යවරයා තහවුරු කළේ නැව්ගත කිරීම් දෙකම රුසියානු යූරල් බොරතෙල් බව ය. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන සතිය මැද වන විට එහි කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම සතිය මුලදී, කංචන විජේසේකර පැවසුවේ බ්‍රහස්පතින්දා (11) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැව්ගත කිරීමක් පැමිණි අතර ඊයේ (12) ගොඩබෑමට නියමිතව තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *