ප‍්‍රථම විදේශ සංචාරක කණ්ඩායම යුක්රේනයේ සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළට අද (28) පැමිණීමට නියමිතය.
නියාමන ව්‍යාපෘතියක් ලෙස පැමිණෙන මෙම ප‍්‍රථම කණ්ඩායමට සංචාරකයන් 200ක් අයත් වන අතර හෙට (29) පැමිණෙන ගුවන් යානයෙන් තවත් 200ක පිරිසක් පැමිණිමට නියමිතව තිබේ.
මෙම සියළුම සංචාරකයන් යුක්කේ‍්‍රනයේ සිට පැමිණෙන අතර, දකුණු මුහුදු වෙරළ සංචාරක හෝටල් කලාප පහක ඔවුන් නවාතැන් ගැනීමට නියමිතය. ඔවුන් දින 14කට ආසන්න කාලයක් මෙරට රැඳී සිටින අතර කළුතර, බෙන්තොට, බේරුවල, අහුන්ගල්ල, කොග්ගල යන සංචාරක කලාප ආශ්‍රිත හෝටල් තුළ නවාතැන් ගනු ඇත.