ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (11) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ එහි කාර්ය සාධන කටයුතු පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය.
මීට පෙරද කිහිප වතාවක්ම ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලදී. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසන්නේ අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී මෙම හමුවීම පැවැත්වීමට නියමිත බවයි.