ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේදී පැවැත්වේ

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සිසුන් 331,694 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභගය සඳහා අයදුම්කර ඇති බවත්, ඉන් 248,072 දෙනෙක් සිංහල මාධ්‍යයෙන්ද, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙක්ද විභාගය සදහා පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සිසුන්ට විභාගයට පෙනි සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *