නවසීලන්තයේදී ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා එක්දින සංචිතයට ක්‍රීඩකයින් 17 ක් ඇතුළත්ව සිටින අතර චරිත් අසලංක තව දුරටත් නායකත්වයේ කටයුතු කරයි.
මෙම තරගාවලියේ එක්දින තරග තුන ජනවාරි මස 5, 8 සහ 11 යන දිනවල වෙලින්ටන්, හැමිල්ටන් සහ ඕක්ලන්ඩ් වන නගරවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක – නායක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිෂාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ෂිරාෂ්, ළහිරු කුමාර සහ එෂාන් මාලිංග