ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ හෂීෂ් සහ කොකේන් කිලෝ 57ක් කැනඩා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ගුවන් මගියෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හෂීෂ් කිලෝග්‍රෑම් 44ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 13ක් කැනඩා බලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කැනඩා දේශසීමා සේවා ඒජන්සිය (CBSA) සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන යාමට නියමිතව තිබූ බවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන සොයාගත් මත්ද්‍රව්‍යද සමඟ රාජකීය කැනේඩියානු පොලිසිය (RCMP) වෙත භාරදී ඇති බව එම ඒජන්සිය සඳහන් කළේය.

CBSA විසින් නිකුත් කළ ඡායාරූපවල ගමන් මලු තුනක් අසල සැකසහිත මත්ද්‍රව්‍ය අඩංගු පැකට් කිහිපයක් ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැක්වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සැප්තැම්බර් 3 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ පිළිබඳව CBSA විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ සැප්තැම්බර් 23 වැනිදාය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පිළිබඳ විස්තර කැනඩා බලධාරීන් විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *