ශ්‍රීලනිපයේ පිරිසක් ජනපති ලඟට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබලයෝ රැසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා⁣ට සහය පළ කිරීම සඳහා එක් වූහ.

කළුතර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය ඇමැතිනී කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ප්‍රියංගනී අබේවීර, ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, එස්.ඩී. බන්ඩාරනායකගේ මුණුපුරු, පණ්ඩු බන්ඩාරනායක මහතාගේ පුත් ප්‍රවීන් ඩයස් බණ්ඩාරනායක, කොලොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත රත්නායක, රක්වාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක උපාලි චන්ද්‍රසේන, අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක අනුර මුණසිංහ, දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර, පොතුවිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක විජයමුනි නිපුන සොයිසා, කැළනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තිලක් වරාගොඩ, ලග්ගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අසිත වෑගොඩපොල, ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක චමිල ද සිල්වා යන මහත්ම මහත්මීහූ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත අද (26) පෙරවරුවේ පැමිණ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළහ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *