වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

වර්තමානයේ රට තුළ පවතින කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන්, සීමා වී ඇති දෛනික වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත.

ඒ සම්බන්ධව අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකා ජාතික රෝහල අදාළ රෝගීන්ට දුරකථනය හරහා ජාතික රෝහල සමග සම්බන්ධ වී අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බවට ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි.

ඒ අනුව පහත සදහන් රෝග ලක්ෂණ වන, එනම් ගිලීමේ අපහසුතාවයක්, එක දිගට පවතින වමනය, ආහාර අරුචිය, ශරීරයේ අනපේක්ෂිත බර අඩුවීමක්, ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්, වැසිකිළි යාමේ දී රුධිරය පහවිමක් හෝ කළු පැහැයට මළ පහ පිටවීමක්, වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/මළ බද්ධය, එක දිගට පවතින උදරයේ වේදනාවක්, ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්, උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්, පියයුරේ ගැටිත්තක්, බෙල්ල ආශ්‍රීතව ඇති ගැටිති/ ගැටිත්තක්, කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිති, කකුලේ ඇති සුව නොවන තුවාලයක්- විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේ නම් හදුන්වා දී ඇති දුරකථනය ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ඇත.

අදාළ දුරකථන අංක වනුයේ,
0113618724, 0768185157, 0112691111- (දිගුඅංක 2418 ) වන අතර, සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා ජාතික රෝහල මෙම දුරකතන සේවාව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *