පසුගියදා වේල්ල වීදියේ තිබී සොයා ගත් කාන්තා මළසිරුරේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බවට ඊයේ (09) සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇති බවත්, අදාළ තරුණිය ඝාතනය කර ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත් තුනත් අතර කාලයකදී බවටත් පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබේ. එමෙන්ම අදාළ ගැබිණියක් නොවන බවටත් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අදාළ තරුණියගේ මළ සිරුරේ ඩී.එන්.ඒ. සාම්පල් මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ සාම්පල් සමග සැසඳෙන බවට රජයේ රස පරික්ෂකවරයා විසින් වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ බවයි.
එම තරුණියගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වේල්ලවීදිය පොලිස් ස්ථානය විසින් සිදුකරයි.