වෙනස් ආකාරයේ දඩුවම් ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවීමට අවධානය

මරදාන ප්‍රදේශයේදී ඇඳිරිනීති උල්ලංඝණය කරමින් සිටි පුද්ගලයින් පිරිසකට වෙනස් ආකාරයක දඬුවමක් ලබාදීමේ සිද්ධියට අදාළව වැඩතහනම් කෙරුණු කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයාගේ සහ කොස්තාපල්වරයාගේ සේවය යථාවත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වේ.

එම නිලධාරීන් දෙදෙනාගේ සේවය යථාවත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් නීති දිසාව භාර නිියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *