වෙනස් ආකාරයේ දඩුවම් දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්

ඇඳිරි නීතිය උල්ලංගනය කරමින් මාර්ගයේ ගමන් සිටි පුද්ගලයින් පිරිසකට වෙනස් ක්‍රමයකට දඩුවම් කිරිමේ සිද්ධියකට අදාලව රථ වාහන පොලිසියේ නිලධාරින් දෙදනෙකුගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව වැඩතහනමට ලක්ව ඇත්තේ කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුයි.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල මරදාන ප්‍රදේශයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකු රඳවාගෙන දෑත් මාරු කර කන්වලින් අල්ලා වාඩිවීම සහ නැගිටීම සිදු කරන ලෙසට නියම කරමින් ඔවුන් මෙලෙස දඩුවම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *