විශේෂ පක්ෂ නායක හමුවක් අද දිනයේ

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.

මේ සඳහා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද සහභාගී වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *