විදේශ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ ඇත. වැඩි පිරිසක් ගෘහ සේවය සඳහා පිටත්ව ගිය කාන්තාවන් වන අතර, ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට යොමු කර ඇත.