රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට තීරණය කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මෙම තීරණයට එළැඹ ඇත්තේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
අදාළ සාකච්ඡාව සඳහා පක්ෂ 12 ක පමණ නියෝජිතයින් එක්ව සිටි බව වාර්තා වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද සහභාගී වී තිබේ.