විදෙස් ගුවන්තොටුපළ වල සිරවී සිටි තවත් 14 දෙනෙක් දිවයිනට පැමිණේ

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකික පිරිස් අතරින් 14 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි. එම පිරිස ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි අතර, කටාර් සිට පැමිණි අනෙක් 05 දෙනා අද අළුයම මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *