වැඩි මිලට භාණ්ඩ අලෙවි කලොත් ඇඳිරි නීති බල පත්‍ර අහෝසි

ඇඳිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට තිරීණය කර ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණ.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් රජයේ උපරිම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇතැයි මෙහිදී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි.

මේ නිසා මෙවැනි වෙළදුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අත්‍යවශ්‍ය සේවා බල පත්‍රලාභීන් රජයේ උපදෙස් අනුව නියමිත මිලට හා නියමිත ප්‍රමිතියට අනුව භාණ්ඩ අලෙවි කරන්නේ දැයි පරීක්ෂා කරන ලෙසද ඇමතිවරයා  ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *