වාහන නිෂ්කාශන ගැටලුවට විසඳුමක් නිර්දේශ කිරීමට රේගුවෙන් විශේෂ කමිටුවක්

ණයවර ලිපි (Letters of Credit) හරහා ආනයනය කළ නමුත් පසුව අවසන් රේගු නිෂ්කාශනය ලබාදීම ප්‍රතික්ෂේප වූ වාහන සම්බන්ධයෙන් සුදුසු විසඳුමක් නිර්දේශ කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විශේෂ කමිටුවක් පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා විශේෂ කමිටුව පත් කර ඇති බව තහවුරු කර ඇත.

අදාළ වාහන ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සමාලෝචනය කර, ඒ සඳහා සුදුසු විසඳුමක් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *