හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ කුරුණෑගල ආසන ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ එම පක්ෂයේ දැරූ අනෙකුත් සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කළ ලිපියකින් අබේසිංහ මහතා සිය ඉල්ලා අස්වීම තහවුරු කර ඇත.
ඒ අනුව, පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරයෙන්, සමගි සේවක සංගමයේ සභාපති ධුරයෙන්, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් සහ පක්ෂයේ විධායක කමිටු සාමාජිකත්වයෙන් ද ඔහු ඉල්ලා අස්වී තිබේ.
සමගි ජන බලවේගය ආරම්භ කළ අවස්ථාවේ සිට එම පක්ෂය සමඟ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව අබේසිංහ මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.
පක්ෂයේ කටයුතු ඉදිරියට ගෙන යමින් එය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා සාමාජිකයන් දරන උත්සාහයට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


