අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක ආයෝජනයක් සමඟ Asahi Dyes and Chemicals මෙහෙයුම් අරඹයි

Asahi Dyes and Chemicals Sri Lanka සමාගම බියගම අපනයන සැකසුම් කලාපයේ සිය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය මඟින් ජපාන නවීන නිෂ්පාදන තාක්ෂණය සහ ඉතාලියේ Tonello සමාගමේ නවෝත්පාදන තාක්ෂණය ඒකාබද්ධ කර ඇති අතර, ශ්‍රී ලාංකිකයන් සඳහා සෘජු රැකියා අවස්ථා 281ක් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කළේ මෙම කර්මාන්තශාලාව LEED v4 හරිත ගොඩනැගිලි ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති බවයි.

තිරසරභාවය කෙරෙහි අවධානය යොමු කරමින් සිදුකර ඇති මෙම ආයෝජනය, ඉහළ වටිනාකමකින් යුත් තිරසර නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය වර්ධනය වෙමින් පවතින බවට ප්‍රබල උදාහරණයක් බවද ආයෝජන මණ්ඩලය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ අනාගතය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන් තුළ පවතින විශ්වාසයද මෙම ව්‍යාපෘතිය මඟින් පිළිබිඹු වන බව ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *