තීන්ත, රසායනික සහ මුද්‍රණ ද්‍රව්‍ය කර්මාන්ත ක්ෂේත්රයේ නිෂ්පාදකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු විසඳීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා විශේෂ උපදේශක කමිටු රැස්වීමක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් අඟහරුවාදා (11) පවත්වනු ලැබීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ දැනට ජාතික අපනයන ආදායමට 1.5%ක දායකත්වයක් ලබාදෙන මෙම ක්ෂේත්රයේ වර්ධනය වේගවත් කිරීම සඳහා යටිතල පහසුකම් සහ නියාමන සහාය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි.
එම දායකත්වය 2030 වසර වන විට 3% දක්වා දෙගුණ කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රැස්වීමේදී ක්ෂේත්රයේ සංවර්ධනය සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන ඇති අතර, ඒ අනුව,
- අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක්: මීල්ලෑව කර්මාන්ත කලාපයෙන් ඉඩමක් වෙන් කර ඒකාබද්ධව අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකමක් ඉදිකිරීමට පියවර ගැනීම.
- නව ආයෝජන සඳහා ඉඩම්: මීල්ලෑව සහ පරන්තන් කර්මාන්ත කලාපවලින් ඉඩම් ලබාදීම හරහා නව ආයෝජන සහ ව්‍යාපාර පුළුල් කිරීමට සහාය වීම.
- 2030 අපනයන ඉලක්කය: ක්ෂේත්රයේ අපනයන ඉලක්ක සපුරා ගැනීමට බාධා වන නීතිමය හා පරිපාලන ගැටලු ඉවත් කිරීම.
යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් ද මෙම විශේෂ රැස්වීමට සහභාගි වූහ.


