ව්‍යවස්ථාව “රෙපෙයාර් කරන්න” එපා, අළුත් එකක් ගේන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

පවතින ව්‍යවස්ථාව “රෙපෙයාර්’ නොකර, කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ (26) දිනයේ අවධාරණය කළහ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පවතින ව්‍යවස්ථාවේ අඩුපාඩු ගණනාවක් ඇති බැවින් ව්‍යවස්ථාව නම් ගසේ අතු ආරක්ෂා නොකර කඳ සහ මුල සුරකින ලෙසයි. කඳ සහ මුල සුරැකීමෙන් අතු ආරක්ෂා වෙන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් ඊයේ කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *