වසරේ දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” අද දිනයේදී දැකගැනීමට අවස්ථාව

මේ වසරේ විශාලතම හා දීප්තිමත්ම “සුපිරි රෝස චන්ද්‍රයා” ලෙස හදුන්වන පුරහඳක් අද (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවේදී දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

“සුපිරි රෝස චන්ද්‍රයා” ලෙස නම් කෙරෙන මෙය වෙනදාට වඩා 14% ක් විශාල වන අතර සාමාන්‍ය සඳට වඩා 30% ක් දීප්තිමත් වනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. එමෙන්ම සඳ බැලීමට හොඳම කාලය සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලය බවටත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *