වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නිවේදනය කෙරේ

වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 02 වැනි වගන්ති ප්‍රාකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුවයි.

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *