වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කෙරේ

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළදී දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.

සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබාදීමට ද ජනාධිපතිවරයා නියම කර ඇත.

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *