වන විනාශය පිළිබඳ ව්‍යාජ සහ ද්වේශ සහගත තොරතුරු ඉදිරිපත් කරන අයවලුන්ට මෙන්ම පරිසරය විනාශ කරන පිරිසට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියා සිටියි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පරිසර විනාශයන් පිළිබඳව සොයා බැලීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවත්, වන විනාශයන් පිළිබඳව ජනතාවට තොරතුරු ලබාදීමට හැකි මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරන බව මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා කියා සිටියේය.
රජය විසින් සෑම ගමකටම ක්ෂේත්‍ර නිලධාරීන් හත් අට දෙනෙකු යොදවා සිටියත්, පරිසර විනාශයන් පිළිබඳව තොරතුරු දැනගැනීමට සිදුවී ඇත්තේ මාධ්‍ය හරහා බවද ඔහු පැවසුවේය.
පරිසරයට හානි කිරීමට අදාළව නඩු පවරන ලද පිරිස අතර ආනවිලුන්දාව, දහයියාගල යන ප්‍රදේශවල පරිසරයට හානි කරන ලද පිරිසද සිටින බවත් මේ වනවිට පුද්ගලයින් 300 කට පමණ නඩු පවරා ඇති බවත් ඇමැතිවරයා පවසයි.