පස්සර – කොළඹ ප්‍රධාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මාරක අනතුරකට ලක්වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයේ රියදුරු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප 02 ක් මත මුදා හැරීමට පස්සර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව ලබන 22 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කරන ලදි.
මේ අතර අදාළ බස්රථය අනතුරට පත්වීම හා බස්රථයේ රියදුරුගේ රිය ධාවනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත සහ පුවත් පළවිය. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අනතුරට පත්වූ පුද්ගලික බස්රථයේ රියදුරු තම රියදුරු රැකියාවට තිත තබන බව පවසා ඇතැයි වාර්තා වේ.